මාලේ සිටි ශ්‍රී ලාංකිකයන් ලංකාවට


කොරෝනා වසංගත රෝග තත්වය නිසා මාලදිවයිනෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14දා)  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස අද දින දහවල් 12.25 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම ගුවන් මගීන් අතුරින් 288 ක් ශ්‍රී ලාංකික ගුවන් මගීන් වන අතර , ඔවුන් මෙම වසංගත රෝග තත්වය නිසා මාලදිවයින තුළ කොටු වී සිටි පිරිසකි.

ඉතිරි 16 දෙනා ජපන් ජාතිකයන් වන අතර , ඔවුන් ද මෙම වසංගත රෝග තත්වය නිසා මාලදිවයින තුළ කොටු වී සිටි අතර , ඔවුන් අද (5/14 ) සවස ජපානයේ නරීටා බලා යන ගුවන් යානයෙන් පිටත් කර හැරීමට නියමිතය.

මෙසේ පැමිණි ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විශබීජ හරණය කිරීමට ලක් කළ අතර , ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් ,

මෙම ගුවන් මගීන් පිරිස තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි නිරීක්ෂණය කර බැලීමක්  ද සිදු කෙරුණි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් , මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස නීරෝධායනය සදහා රැගෙන යෑම සිදු කෙරුණි .



Recommended Articles